Friday, March 3, 2017

මොනවද මේ ඇන්ටෙනා කියන්නේ...


මොනවද මේ ඇන්ටෙනා කියන්නේ...      


                                             

           ඔන්න ඉස්ස ඉස්සල්ලම මම පොස්ට් එකක් ලියන්න හිතුව ඇන්ටෙනා කියන්නේ මොනවද කියල.ලොකු විස්තරයක් නම් නෙමෙයි.මුලිකව මොකක්ද ඇන්ටෙනාවක් කියන්නේ කියල අපි බලමු.අපි හැමෝමටම  ඇන්ටෙනා කිවම මතක් වෙන්නේ අපේ ගෙදර තියෙන TV එකේ ඇන්ටෙනා එක ගැනැනේ.එහෙම නේද...?එත් ඇන්ටෙනා කියන්නේ අපිට අද නැතුවම බැරි දෙයක්.මොකද ඇන්ටෙනා කියන දේ නැත්නම් සන්නිවෙදනය  කියල දේකුත් අපිට නෑ.ඇත්තටම ඇන්ටනාවක් කියන්නේ විද්‍යුත් චුම්භක තරංග ග්‍රහණය කරන හෝ මුදා හරින  උපකරණයකට. පහත තියෙන පින්තුරය බැලුවම තේරෙනවා නේද මොකක්ද කිවේ කියල.
 
                
                           ඇත්තටම අපි නොදන්නවා උනාට මුලිකවම බැලුවොත් transmitting antenna කියලයි receiving antenna කියලයි වර්ග දෙකක් තියනවා.එත් අපි ගොඩක් වෙලාවට දකින්නේ receiving antenna විතරනේ.transmitting නැත්නම් සම්ප්‍රේෂණ ඇන්ටනාව මගින් වෙන්නේ විද්‍යුත් සිග්නල් එකයි විද්‍යුත් චුම්භක සිග්නල් එකයි එකතු කරලා අවකාශයට මුදා හරින එක.receiving එහෙමත් නැත්නම් ග්‍රාහක ඇන්ටනාව මගින් එක කරන්නේ එකේ අනිත් පැත්ත.ඒ කියන්නේසම්ප්‍රේෂණ මධ්‍යස්ථානය මගින් එකතු කරලා එවන සිග්නල් එකේ තියන විදයුත් තරංගයයි විද්‍යුත් චුම්බක තරංගයයි වෙන් කරලා විද්‍යුත් තරංගය පමණක් අපිට ලබාදෙන එක තමා ග්‍රාහක ඇන්ටනාව මගින් කරන්නේ.
           
                              මේ ක්‍රියාවලියට උදව් වෙන තවත් දේවල් හ්ගොදක් තියනවා.එත් මුලිකවම අන්ටවකින් වෙන දේ තමා මේක.අපේ tv එකේ අන්ටනාවෙන්,radio එකේ අන්ටනාවෙන් එහෙමත් වෙන්නේ මේ දේම තම,අපිට ගානක් නැති උනාට අපි හැමෝ ගාවම තියන phone එකෙත් ඇන්ටෙනාවක් තියනවනේ.එකෙන් වෙන්නෙත් ඕකම තමා.

ඔයාල දැකල නැත්නම් ඔන්න මම පොඩි පින්තුර 2ක් දැම්ම පහලින් transmitting antenna වලට.


                         

                                                                                                                                                          
            
                මෙන්න මම ඔයාල ගොඩක් අය නොදකින අපි හමොගවම තියන ජංගම දුරකතනයක ඇන්ටනාව ගැන පුංචි හධින්විමක් කෙරෙන පින්තුරයකුත් දැම්ම.පහතින් බලන්නකෝ.මම මේ පොස්ට් එකේ මුලින්ම දාල තියෙන්නේ අපි කුරුත් දන්නා tv antenna එකක්.



ඒ වගේම අපි කවුරුත් භාවිත කරන ලැප්ටොප් එකෙත් මේ වගේම ඇන්ටනා system එකක තියනවා.අ කොහොමද කියල පහත දැක්වෙන රුප සටහනින් ඔයාලට බලාගන්න පුළුවන්.



හරි මුලික අදහසක් ලැබුන නේද ඇන්ටෙනා එකකින් මොකක්ද වෙන්නේ කියල.

                ඇත්තටම මම මේකෙන් ලොකු විස්තරයක්නම් කරලා නෑ.පුංචි අදහසක් විතරයි දුන්නේ.ඉස්සරහදි තව ගොඩක් දේවල් දන්නා බලාපොරොත්තු වෙනවා.මේවගේ වැරදිනම් ගොඩක් ඇති.ඉතින් දන්නා කෙනෙක් ඉන්නවනම් අ වැරදි නිවැරදි කරන්න වගේම තව තොරතුරු දන්නවනම් පහත කොමෙන්ට් එකකින් හරි දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ.ඒ වගේම ඔයාලගේ අදහස් comment කරලා යනවනම් ඒ ගැන මම ගොඩක් ස්තුති වන්ත වෙනවා.ඔයාලගේ සහයෝගය මම ගොඩක් බලාපොරොත්තු වෙනවා.
එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.දෙවි පිහිටයි...!

No comments:

Post a Comment