ගොඩක් අය දැන් තමන්ටම කියල වෙබ් අඩවියක් එහෙමත් නැත්නම් බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්නවා.තාක්ෂනය දැන් ඒ තරමටම ගොඩක් දෙනෙක්ට සමීප වෙලා.ඒත් ඇත්තටම ගොඩක් අය පටන් ගන්නවා විතරයි.පවත්වාගෙන යන්න බැරුව යනවා.ගොඩක් වෙලාවට මෙහෙම එකක් පටන් ගන්නේ තොරතුරු තාක්ෂනය පැත්තෙන් ඉගෙනීම් කරන අය.ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ එයාලගේ ඉගෙනීම් කටයුතු හමාර වීගෙන එද්දී එයාල කාර්ය බහුල වෙනකොට එහෙමත් නැත්නම් රැකියාවකට ගියාම මේ වගේ දේවල් කරගෙන යන්න ඇත්තටම වෙලාව නැතුව යනවා.
ඒත් සැලකිය යුතු ප්‍රමාණයක් මම දැකල තියනව ලොකු සේවයක් සමාජයට කරනවා මේවා පවත්වාගෙන යාම තුලින්.ඒවගෙන් බහුතරය මම දකින්නේ තාක්ෂණික දැනුම වගේ දේවල් ලබා දෙන බ්ලොග් අඩවි.ඇත්තටම ඒවගෙන් මත ගොඩක් දේවල් ඉගෙනගත්ත වගේම දැනටමත් ඉගෙනගන්නවා.ඉතින් ඒවා පවතවාගෙන යන කට්ටියට ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ.මමත් මේ බ්ලොග් අඩවිය නිර්මාණය කලේ අන්තර්ජාලය භාවිත කරන අයට අලුත් දෙයක් දැනගන්න(අධ්‍යාපනික,විනෝදාත්මක,ධර්ම කරුණු වගේ දේවල්) වගේම ඔයාල දන්නා දෙයක් තියනවනම් මේ අඩවිය හරහා ලෝකෙට බෙදා දෙන්නත් පුළුවන් වෙන්නයි.
කවූරුහරි ඉන්නවනම් දෙයක් කාට හරි කියල දෙන්න පුළුවන් මේ වෙබ් අඩවියෙන් එක පල කරන්න පුළුවන්.මම සහතික වෙනවා ඒවා ඔයලගෙම ලිපියක් විදිහට පල කරනවා ඔයාලගෙ අනන්‍යතාවය ඒ ලිපිය තුලින් පල කරනවා කියල.ඉතින් ඒකට කැමති අයට පහත දැක්වෙන මගේ ඊමේල් ලිපිනයට ඔයාලගේ ලිපියයි,ඔයාලගේ විසතරයි එවන්න.කැමති අය එකතු වෙන්න.එහෙනම් හැම දෙනාටම තෙරුවන් සරණයි...!නමෝ බුද්ධාය...!
prasannasilwester@gmail.com


No comments:
Post a Comment